ලබන නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා ඉදිරිපත්ව ඇති කණ්ඩායම් අතුරින් එක් කණ්ඩායමක් මිලට ගන්නා ලෙස සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් ගෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වනවා.
ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ හිමිකාරිත්වය දරණ ෂාරුක් ඛාන් කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා ක්‍රීඩා කරනු ලබන Trinbago නයිට් රයිඩර්ස් කණ්ඩායමේ ද හිමිකාරිත්වය දරණු ලබනවා. ඒ අනුවයි ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා ක්‍රීඩා කරන කණ්ඩායමක් මිලට ගන්නා ලෙස ෂාරුක් ඛාන් ගෙන් ඉල්ලා ඇත්තේ.
මේ අතර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ පළමු කණ්ඩායම ලෙස Galle Gladiators කණ්ඩායම පාකිස්ථාන ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරනු ලබන Quetta Gladiators කණ්ඩායම ඊයේ සිය හිමිකාරිත්වය තහවුරු කර ගනු ලැබුවා. ඒ අනුව Galle Gladiators පිලේ නායකත්වය හිටපු පාකිස්ථාන නායක ෂාහිඩ් අෆ්රිඩි විසින් දරනු ඇති.