ඇතැම් රජයේ ඇමතිවරුන්ගේ ක්‍රියාකලාපයන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තියට වෙනස් වන අයුරින් කටයුතු කරන බව පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ප්‍රකාශ කර සිටිනවා. ඇමතිවරුන් ජනතාවට කන්දිය දියයුතු බවත් ඔවුන් ජනතා සේවකයින් බව මෙහිදී උන්වහන්සේ අවධාරණය කර සිටියා.
“සමහරු ඇමතිවරු ඉන්නවා දුරකථනයට සම්බන්ධ වෙන්නේ නැහැ, හම්බ වෙන්න ගියාමත් හම්බ වෙන්න විදිහක් නැහැ. ඇමතිවරු නම්‍යශීලි වෙන්න ඕන. සමහර වෙලාවට නිලධාරීන් කාර්යාලවල නැහැ. නිලධාරීන් හිටියටත් ගැටලුවකට පිළිතුරු දෙන්න සතියක් කල් ගන්නවා. මහජනතාව ගේ මතය වෙනස් වෙන්න වැඩිකාලයක් යන්නේ නැහැ. එහෙම වුනොත් සිදුවන්නේ යහපාලන ආණ්ඩුවටම සිදුවූ දේමයි” පුජ්‍ය මුරුතෙට්ටුවේ ආනන්ද හිමියන් කියා සිටියා.
මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිගෙන් දෝස්මුරයක්
මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිගෙන් දෝස්මුරයක්
Posted by Ada Derana Sinhala on Thursday, 3 September 2020