මෙරට සෑම පුරවැසියන් 40දෙනකුගෙන් එක් අයකු මත්කුඩුවලට අබ්බැහි වී ඇතැයි අධිකරණ ඇමැති අලි සබ්රි පවසයි. කුමන බාධක පැවැතියද වත්මන් රජය මෙරටින් මත් උවදුර තුරන් කරන බව පැවසූ අධිකරණ ඇමැතිවරයා ඒ සඳහා අවශ්‍ය වුවහොත් විශේෂ බළකායක් ස්ථාපිත කරන බවද ප්‍රකාශ කර සිටියා.
‘2015 වසර වන විට මෙරට මත්කුඩු සම්බන්ධ නඩු 6600ක් තිබුණා. එය 2016දී 8000ක්, 2017දී 11,000ක්, 2018දී 12000ක්, 2019දී 16000ක් බවට පත්වී තිබෙනවා. ඒ බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සමග පැවැති සාකච්ඡාවකදී අනාවරණය වුණා. 2020 මේ දක්වා මත්කුඩු සම්බන්ධ නඩු 13000ක් වාර්තා වෙලා තිබෙනවා.
මත්ද්‍රව්‍ය සම්බන්ධ අගමුල සොයා මෙම උවදුර මෙරටින් තුරන් කරනවා’’ යැයි අධිකරණ ඇමැති අලි සබ්රි වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.