භාවිතයෙන් ඉවත් කර තිබු රජයේ වාහන 4000කට යළි පණ දෙන්න යයි

September 3, 2020 at 1:22 PM

නිසි පරිදි නඩත්තු නොකිරීම හේතුවෙන් දැනට භාවිතයට නොගන්නා වාහන විශාල සංඛ්‍යාවක් රාජ්‍ය ආයතන සතුව පවතීන බව කැබිනට් මණ්ඩලයේදී අනාවරණය වී ඇත. ඒ අනුව 2020 අගෝස්තු 31 දින වන විට අලුත්වැඩියා කර භාවිතයට ගතහැකි වාහන 4,116ක් සහ අපහරණය කිරීමට සුදුසු වාහන 5,588ක් පවතින බවද හදුනාගෙන තිබේ.

ඒ අනූව අලුත්වැඩියා කර භාවිතා කිරීම ඵලදායී වන වාහන අලුත්වැඩියා කිරීම සදහා අදාළ ආයතනයන්ට අවශ්‍ය ප්‍රතිපාදන නොමැති අවස්ථාවන්හිදී ජාතික අයවැය දෙපාර්තමේන්තුව මගින් ඒ සදහා වන ප්‍රතිපාදන සලසා දීමටත්, එලෙස අලුත්වැඩියා කරනු ලබන වාහන, ප්‍රමාණවත් වාහන නොමැති රාජ්‍ය ආයතන වෙත මුදල් අමාත්‍යාංශය යටතේ ඇති කොම්ප්ට්‍රොලර් ජනරාල් කාර්යාලය හරහා විධිමත් පරිදි ලබාදීමට පියවර ගැනේ.

අලුත්වැඩියා කළ නොහැකි වාහන විධිමත් ක්‍රමවේදය අනුගමනය කරමින් අපහරණය කිරීමට මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය රමේෂ් පතිරණ ප්‍රකාශ කර සිටියා.