පහ වසරේ දැරියන් තිදෙනෙකු පාසැලේ මුරකරු අපයෝජනය කරයි

September 3, 2020 at 11:38 AM

නිකවැරටිය ප්‍රදේශයේ පාසැලක 05 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරියන් තිදෙනෙකු අපයෝජනය කළ එම පාසැලේම මුරකරුවශයෙන් සේවය කරනු ලැබූ 39 හැවිරිදි පුද්ගලයෙකු ජාතික ළමා රක්ෂණ අධිකාරිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ දැරියන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන අතර, එහිදී දැරියන් ප්‍රකාශ කර ඇත්තේ මෙම මුරකරු විසින් තමන්ගේ සිරුර අනවශ්‍ය ලෙස ස්පර්ශ කිරිම කළ බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ළමා රක්ෂණ අධිකාරිය විසින් අදාළ පාසැලේ විදුහල්පතිවරයාගෙන්, ගුරුවරුන්ගෙන් සහ දැරියන්ගේ දෙමව්පියන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇත.

අපහරණයට ලක්වූ දැරියන් තිදෙනා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත ඇතුලත් කළ බවයි ජාතික ළමා රක්ෂණ අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ සඳහන් කළේ.