ජංගම දුරකථන නිසා අත් ඔරලෝසු වෙළදාම කඩා වැටිලා – ඇමති බන්දුල

September 3, 2020 at 7:47 AM

ශ්‍රී ලංකාවේ අත් ඔරලෝසු වෙළඳාම ශ්‍රිඝ්‍රයෙන් පහත බැස තිබේ.

මෙම තත්ත්වය පැනනැඟී ඇත්තේ ජංගම දුරකථන තාක්ෂණය අනුව වර්තමානයේ දිනය, වේලාව පවා මිනිසාට බලා ගැනීමට හැකිව තිබෙන නිසා බව වෙළඳ ඇමැති බන්දුල ගුණවර්ධන කියා සිටියි.

අත් ඔරලෝසු පළඳින පිරිස පවා දැන් වැඩිපුර දකින්නට නොලැබෙන බව ද ඇමැතිවරයා සඳහන් කළේ.

ජංගම දුරකථනය උපයෝගී කරගෙන ජායාරූප ගැනීම පවා කැමරා කර්මාන්තයට ද අභියෝගයක් වී ඇතැයි ඇමැතිවරයා කියා සිටින්නේ.

( මුලාශ්‍ර : දිවයින)