මෙරට යුධ හමුදා ඉතිහාසයේ තවත් එක් සුවිශේෂී කඩ ඉමක් තබමින් ගිනස් වාර්තාවන්ට පවා යෝජනා වී ඇති නිවුන් සොහොයුරන් දෙදෙනකු සිය 34 වසරක හමුදා සේවයෙන් විශ්‍රාම යෑම පසුගියදා සනිටුහන් කරනු ලැබුවා.
මිනිත්තු කිහිපය වෙනසකින් මෙලොව එලිය දැක, එකම පාසලක ඉගෙනුම ලබා, එකම දිනක යුද හමුදාවට බැඳී, එකම බඳවාගැනීමේ කාණ්ඩය යටතේ පුහුණුව ලබා, එකම දිනක විසිර ගොස්, රෙජිමේන්තු දෙකක සේවය කළ නමුත්, වසර 34 ක ඇවෑමෙන් එකම දිනක විශ්‍රාම ලබන මෙම ජේෂ්ඨ හමුදා නිලධාරින් දෙදෙනා නමින් මේජර් ජෙනරාල් ජයන්ත සහ පූරක සෙනෙවිරත්නයි.
සිය හමුදා සේවයෙන් විශ්‍රාම යෑම සනිටුහන් කරමින් ඔවුන් පසුගියදා යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මුණ ගැසුණු අතර එහිදී යුධ හමුදාපතිවරයා ඔවුන්ගේ සේවය අගයමින් සමරු තිළිණයක් ද ප්‍රධානය කරනු ලැබුවා.