යෝජිත 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අද පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ඊයේ අධිකරණ අමාත්‍යාංශය විසින් නීතිපතිවරයාගේ නිරීක්ෂණයට යොමු කරනු ලැබුවා. අදාළ යෝජිත කෙටුම්පත අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්. එම්. වී. කේ. මායාදුන්න විසින් නීතිපතිවරයා වෙත යොමු කළ බව අධිකරණ ඇමැති අලි සබ්රි සඳහන් කළේය.
මහාචාර්ය ජී. එල්. පීරිස්, දිනේෂ් ගුණවර්ධන, නිමල් සිරිපාල ද සිල්වා, අලි සබ්රි සහ උදය ගම්මන්පිල යන පස්දෙනකුගෙන් යුත් කැබිනට් අනුකමිටුව විසින් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කර ඇත.
ඊයේ නීතිපතිවරයාට යොමු කළ කෙටුම්පතේ අන්තර්ගත තොරතුරු දැනගැනීමේ අයිතිය ඇතුළු කොටස් කිහිපයක් රඳවා ගැනීමට බලාපොරොත්තු වන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කර සිටියා.
නව ව්‍යවස්ථාවක් ගෙන ඒමේදී එය කෙටුම්පත් කිරීම වෙනුවෙන් විද්වත් මණ්ඩලයක් තෝරා පත්කර ගැනීම අධිකරණ ඇමැති අලි සබ්රි හට කැබිනට් මණ්ඩලය විසින් පවරා ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කර සිටියා.