මගේ එකම ඉඩම ලංකාගම තියෙන ඉඩමකට මාරු කරන්න කැමතියි – දේවානි ජයතිලක

September 2, 2020 at 8:04 PM

දිසා වන නිලධාරිනි දේවානි ජයතික මහත්මිය ඇය සතු එකම ඉඩම ලංකාගම ඉඩමකට හුවමාරු කරගැනීමට කැමති කෙනෙක් වෙත පැවරීමට කැමැත්ත පළකර තිබෙනවා.

ඇය එසේ කැමැත්ත පළකර ඇත්තේ එලෙස පවරා ගන්නා ලංකාගම ඉඩම සිංහරාජ රක්ෂිතයට පැවරීම සඳහායි.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඇය මේ බව ප්‍රකාශ කිරීමත් සමඟ තවත් බොහෝ දෙනෙක් ඇය හා එක්වෙමින් සිංහරාජ අඩවියට පැවරීම සඳහා ලංකාගම ඉඩම් තම ඉඩම් සමඟ හුවමාරු කරගැනීමට ඉල්ලා තිබෙනවා.