විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයින් රැගෙන ඒම හරහා සමාජය තුළට කොරෝනා වෛරස ව්‍යාප්තිය වැළැක්විමට අවශ්‍ය පරිදි කටයුතු කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා.
අද උදෑසන දිනයේදී හමවූ කොරෝනා ආසාදිතයන් 22 ත් සමගින් ගතවූ පැය 24 ක් තුළ කොරෝනා ආසාදිතයන් 59 දෙනෙකු හමුවීම බැරෑරුම්ව සිතිය යුතු බවයි මෙහිදී හමුදාපතිවරයා අවධාරණය කර සිටියේ.
ඉකුත් අප්‍රේල් 30න් පසු මේ දක්වා සමාජයෙන් කෝවිඩ් ආසාදිතයින් හඳුනා ගෙන නැහැ. එම තත්ත්වය තවදුරටත් ආරක්ෂා කරගැනීමට පියවර ගන්නා බව මෙහිදී යුද හමුදාපතිවරයා කියා සිටියා.
” විදේශයන්හි සිටින සියලු ශ්‍රී ලාංකිකයින් මෙරටට රැගෙන ආ යුතුයි. ඒත් එය සිදුකරන්නේ ඉතාමත් පැහැදිලි ක්‍රමවේදයකට අනුව. ගුවන් යානයක එකවර පුද්ගලයින් 200ක් – 300ක් රැගෙන එනවා. එහෙම එන ගුවන් යානා තුළ මේ ආකාරයෙන් කොරෝනා රෝගීන් වාර්තා වීමෙන් ඒ තත්ත්වය වෛරසය පැතිරීමේ අවදානම වැඩි නිසා යම් පාලනයකට යටත්ව ඉදිරියේදී විදෙස්ගත ලාංකිකයින් දිවයිනට රැගෙන ඒමට සිදුවෙනවා.“
“විදෙස් රටවල සිටින මෙන්ම ලංකාවේ ජනතාවද මේ තත්ත්වය තේරුම් ගත යුතු බව “ මෙහිදී යුද හමුදාපතිවරයා ප්‍රකාශ කර සිටියා.
“කණගාටුදායක කරුණ නම් අපේ ජනතාව ඇතැම් ස්ථානවල ගැවසෙන්නේ රටින් කෝවිඩ් සදාකාලිනව තුරන් කළා වගේ. මේ වන විට සමාජයේ කෝවිඩ් පැතිරීම් සිදුවන්නේ නෑ. අපි මේ තත්ත්වය උදාකරගත්තේ බොහෝ කැපවීම් කරලා. ලෝකයේ කෝවිඩ්-19 පාලනය කිරීම අතින් සාර්ථකම රට ශ්‍රී ලංකාව. ඒත් පිටරටින් එන අයගෙන් බෝවීම් වාර්තාවන නිසා තමා අපේ නම ඉහළින් සඳහන් නොවන්නේ. මම ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා කරුණාකරලා පෙර සේම සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න කියලා. අසල්වැසි ඉන්දියාවේ තත්ත්වය ගැන හිතල බලන්න. දැන් දින දෙකකට පෙර ලෝකයේ දවසක් තුළ වැඩිම රෝගීන් සංඛ්‍යාව වාර්තා උනේ ඉන්දියාවෙන්” යුධ හමුදාපතිවරයා කියා සිටියා.