මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ සහ තවත් ජේලර් වරු ති දෙනෙකුට මීගමුව මහෙස්ත්රාත් අධිකරණය විසින් ඇප ලබා දී තිබේ.
මීගමුව බන්ධනාගාරයේ සිටි රැඳවියන් පිරිසකට විශේෂ පහසුකම් සැපයීම සහ විවිධ වංචනික කටයුතු කිරීම සම්බන්ධයෙන් හිටපු බන්ධනාගාර අධිකාරිවයාට සහ තවත් නිලධාරින් තිදෙනෙකුට චෝදනා එල්ල වී තිබුණි.
ඒ අනුව හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ මහතා පසුගිය 02 වන දා පොලීසියට භාර වීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ව මඟින් අත්අඩංගුවට ගනු ලැබීය.