LTTEය ත්‍රස්ත සංවිධානයක් නොවේ : හමුදාව එක් දවසක් තුළ උතුරේ ලක්ෂයක් මරා දැමුවා – C.V. විග්නේෂ්වරන් (VIDEO)

August 31, 2020 at 8:39 AM

එල්ටීටීඊ සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් සඳහන් කර සිටිනවා.

තමන්ගේ දෙමළ ජනතාවට සිදු වූ අසාධාරණය හේතුවෙන් ඔවුන්ට යුද්ධයකට පිවිසුණු බවත් 2009 මැයි මස 18 වැනි දින ශ්‍රී ලංකා හමුදාව විසින් උතුරේ සාමාන්‍ය ජනතාවට ලක්ෂයක් මරා දැමූ බව මෙහිදී මන්ත්‍රිවරයා චෝදනා කර සිටිනවා.

දෙමළ භාෂාව ශ‍්‍රී ලංකාවේ පැරණිම භාෂාව බවත් දෙමළ ජාතිකයන්ගේ නිජබිම ශ්‍රී ලංකාව බවත් පැවසූ ඔහු මහාවංශ ඇති දේවල් සත්‍ය නොවන බව ද සදහන් කර සිටියා. දෙමළ ජාතිකයන් මෙරට පැරණිම ජාතිය බව පෙන්වීමට තමන් සතුව සාක්ෂි ඇති බවයි මෙහිදී මන්ත‍්‍රීවරයා සඳහන් කර සිටියා.

(මුලාශ්‍ර : අද දෙරණ )