පාස්කු ප්රහාරය පිටුපස සිටින සැබෑ වරදකරුවන් සොයා ඔවුන්ට දඩුවම් දෙන්නැයි අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් රජයෙන් ඉල්ලා සිටිනවා. උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ වගකීම් පැහැරහැරි ඇතැම් පිරිස් දැන් ජනාධිපති කොමිසම හමුවේ කිඹුල් කඳුළු හෙළන බවයි.
තේවත්ත ජාතික බැසිලිකාවේ දේව මෙහෙයකට ඊයේ (30) එක්වෙමින් උන්වහන්සේ මේ බව පවසා සිටියා.
රජය විසින් පාස්කු ප්රහාරය පිටුපස සිටින පුද්ගලයින් සොයා ඔවුන්ට දඩුවම් කරන බවට වු පොරොන්දුව ඉටුකරාවි යැයි තමන් බලාපොරොත්තු වන බවත් එසේම ආගම හා භාෂාව පදනම් කරගත් සියලු පක්ෂ තහනම් කිරීමට තමන් රජයට යෝජනා කර සිටින බවත් කාදිනල් හිමියෝ ප්රකාශ කර සිටියා.