මෙරට විවිධ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්නේ සංඛ්‍යාව පන්ලක්ෂ තිස්තුන්දහස් අටසිය අසූ තුනක් (5,33,883) බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ප්‍රකාශ කර සිටිනවා.
ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කර සිටියේ එයින් විසිපන්දහසකට අධික පිරිසක් බස්නාහිර පළාත තුළ සිටින බවයි.
බස්නාහිර පළාතේ සියලූුම සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් ගැටලූ නිරාකරණය කිරීම පිළිබඳ කොළඹදී පැවැති වැඩමුළුවකට සහභාගී වෙමින් ඔහු ඒ බව අනාවරණය කර සිටියා.
මෙහිදී තවදුරටත් කතා කළ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙසේ කියා සිටියා.
” රිමාන්ඞ් භාරයේ හිඳිමින් ජයටම මත්ද්‍රව්‍ය ජාවාරම් කරගෙන යන 136 දෙනකු සම්බන්ධයෙන් තොරතුරු හෙළිවී තිබෙනවා. 123 දෙනෙක් ඇප මත සමාජයේ ඉන්නවා. ඔවුන් මත්ද්‍රව්‍ය ජාවාරම කරගෙන යමින් නඩු දිනයට හරියටම පෙනී හිඳිමින් හොඳ මුහුණ පෙන්වමින් මේ ජාවාරම කරගෙන යනවා. රිමාන්ඞ් භාරයේ ඉන්න අය මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන්නේ ජංගම දුරකථන මගින් හා විවිධ පණිවුඩකරුවන් මාර්ගයෙන්. මේ මත්ද්‍රව්‍ය ජාවාරම විදේශ රටවල් වල ඉඳලා මෙහෙයවන 25 දෙනෙක් ගැන අනාවරණය වෙනවා. මත්කුඩු ජාවාරම තුරන් කරන්න ඉදිරියේදී දැඩි කි‍්‍රයාමාර්ග ගන්නවා.” යැයි ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.