මහනුවර සිදුවූ කම්පනයට හේතු වූ කරුණු 03ක් ගැන පරීක්ෂණ කණ්ඩායම්වල අවධානය

August 30, 2020 at 8:25 PM

දිගන තලාතුඔය ආදී ප්‍රදේශවලට ඉකුත් සෙනසුරාදා(29) දැනුනු සුළු භූ කම්පන තත්ත්වය හේතු තුනක් නිසා සිදුවිය හැකි බව ඒ පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට එහි ගොස් සිටින පරීක්ෂක කණ්ඩායම කියයි .

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය භූ විද්‍යා අංශයේ ජේෂ්ඨ අධ්‍යක්ෂ උදය ද සිල්වා මහතා සඳහන් කළේ ගල් කොරියක බෝර දැමීම කදී ඇතිවූ කම්පන තත්ත්වයක් ඊට හේතු විය හැකි බවට සැක කරන බව ය.එසේත් නොමැති නම් නොමැතිනම් හුණු ගල් ස්ථර කඩාවැටීමක් ද ඒ සඳහා හේතු විය හැකි බවද පැවසෙයි.

අදාල කම්පනය සිදුවීමට බලපෑ හැකි තුන්වන කරුණු ලෙස එම කමිටුව සැක පළ කරන්නේ වික්ටෝරිය ඇතුළු ආසන්න ප්‍රදේශවල සිදු වූ අධි ජන තෙරපුමක් විය හැකි බවයි .

සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානයේ භූ විද්‍යා අංශ භාරනිල්මිණි තල්දෙන මහත්මිය ගැන සමන්විත පරීක්ෂණ කණ්ඩායමක් ඊයේ (30) අදාළ ප්‍රදේශවල සංචාරය කරමින් නිරීක්ෂණයක නිරත වූ අතරඑම කම්පනය නිශ්චිත වශයෙන්තහවුරු කරගැනීම සඳහාභූ විද්‍යාඥයින් කණ්ඩායමක්දිගින් දිගටම පරීක්ෂණ සිදු කරමින් සිටියි .