ඕස්ට්‍රේලියාවේ සිට පැමිණ නිරෝදායනය වෙමින් සිටි කාන්තාවක් රෝහලෙන් පැන යයි

August 29, 2020 at 6:57 AM

අලූත්ගම සංචාරක හෝටලයක නිරෝධායනය වෙමින් සිටි කාන්තාවක් නාගොඩ මහ රෝහලට ඇතුළත් කර සිටියදී ඊයේ උදෑසන රෝහලින් පැනගොස් ඇතැයි රෝහල් අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය තමර කළුබෝවිල ප්‍රකාශ කර සිටිනවා.

ඔස්ටේ‍්‍රලියාවේ සිට දිවයිනට පැමිණි අලූත්ගම, මොරගල්ලේ ඊඞ්න් හෝටලයේ නිරෝධායනය වෙමින් සිටි කෑගල්ල ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි කාන්තාවක් මෙසේ රෝහලින් පැනගොස් ඇත.

අදාළ කාන්තාව ඊඞ්න් හෝටලයේ නිරෝධායනය වෙමින් සිටියදී මානසික රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර ඇති අතර ඊයේ උදෑසන 7.30 ට පමණ හෙදියක් ඖෂධ ලබාදීමට සොයා බැලීමේදී ඇය රෝහලින් පැනගොස් ඇති බව තහවුරු වී ඇතැයි රෝහල් බලධාරීන් සඳහන් කළේ.

ඇයගේ ජෛව පටල සාම්පල් පී. සී. ආර්. පරීක්‍ෂණයකට යොමුකර ඇති බවත් මෙතෙක් ඇයට කොවිඞ් – 19 වෛරසය වැළඳී ඇති බවට හෝ සැක සහිත තත්ත්වයක් ඇති බවට තහවුරු වී නැති බවත් රෝහල් අධ්‍යක්‍ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේ.