ප්‍රංශ ජාතික පාපන්දු කණ්ඩායම සහ එංගලන්තයේ සුප්‍රකට මැන්චෙස්ටර් යුනයිටඞ් පිල නියෝජනය කරන දැනට ලොව සිටින දක්ෂතම පාපන්දු ක්‍රීඩකයෙකු ලෙස සැළකෙන පෝල් පොග්බාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.
මේ වන විට තමන් දින 14ක කාලයක් ස්වයං නිරෝධායන ක්‍රියාවලියකට යොමුවන බවයි ඔහු කියා සිටියේ.
කොරෝනා ආසාදනය වීම හේතුවෙන් පෝල් පොග්බාට ප්‍රංශය සහ ස්වීඩනය අතර හෙට පැවැත්වෙන තරගයට මෙන්ම තව දින 3 කින් ක්‍රොඒෂියාව සමඟ පැවැත්වෙන පාපන්දු තරගයට සහභාගිවීමට නොහැකිවනු ඇති අතර පූර්ණ සුවය ලැබුවහොත් ඔහුට එංගලන්ත පාපන්දු තරගාවලියේ මැන්චෙස්ටර් යුනයිටඩ් සහ ක්‍රිස්ටල් පැලස් කණ්ඩායම අතර සැප්තැම්බර් 19 වනදා පැවැත්වෙන තරගයට සහභාගිවීමට හැකිවනු ඇති බව ඔහුගේ කළමනාකරු විදෙස් මාධ්‍ය වෙත සඳහන් කර සිටිනවා.