සාමාන්‍ය පෙළ විභාගය ජනවාරි 18 ඇරඹේ

August 28, 2020 at 9:04 AM

2020 සාමාන්‍ය පෙළ විභාගය 2021 ජනවාරි 18 සිට 28 දක්වා පැවැත්වීමට තීරණය කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් ප්‍රකාශ කර සිටිනවා.

මේ අතර රජයේ පාසල් තෙවන වාරය දෙසැම්බර් 24 වනදායින් අවසන් වන අතර නව පාසල් වාරය 2021 ජනවාරි 04 වන ආරම්භවන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

තෙවැනි පාසල් වාරය ලබන නොවැම්බර් 09 වෙනිදායින් ආරම්භ වී දෙසැම්බර් 23 වැනිදායින් අවසන් කර සිටිනවා.

2020 වර්ෂය සඳහා නියමිත අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය ජනවාරි මස 18 වෙනිදා සිට 27 දක්වා පැවැත්වෙන කාල පරිච්ඡේදය දී සියලු පාසල් සඳහා විශේෂ නිවාඩුවක් ක්‍රියාත්මක වන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටියේ.

අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගයට මුහුණ දෙන සිසුන් සඳහා පමණක් ලබන ජනවාරි ජනවාරි 01 වෙනිදා සිට 2021 ජනවාරි 17 දක්වා අධ්‍යයන නිවාඩු කාලයක් හිමිවනවා.

සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව නැවත පාසල් ආරම්භ වන්නේ ලබන පෙබරවාරි 01 වෙනිදා දින සිට බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටියේ.