කරුගේ යාවජිව පක්ෂ සාමාජිකත්වය බොරුවක් බව හිටපු මන්ත්‍රීවරයෙක් කියයි

August 28, 2020 at 8:06 AM

එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවේ 31 වැනි වගන්තියට අනුව යාවජීව සාමාජිකත්වයක් නැති හෙයින් හිටපු කථානායක කරු ජයසූරිය පක්ෂයේ යාවජීව සාමාජිකත්වය ලබා ගෙන ඇති බවට ඇඟවීමට දරන උත්සාහය අසත්‍ය සහ පදනම් විරහිත බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සන්දිත් සමරසිංහ සඳහන් කරයි.

කරු ජයසූරිය එක්සත් ජාතික පක්ෂයේ යාවජීව සාමාජිකත්වය දරන බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සභාපති ධුරයෙන් අගෝස්තු 20 වැනි දින සමුදුන් වහාම පසු දින පක්ෂයේ සක්‍රීය සාමාජිකත්වය ලබා ගත් බවත් සඳහන් කරමින් හිටපු කථානායකවරයාගේ මාධ්‍ය අංශය විසින් පෙරේදා (26) නිකුත් කරන ලද නිවේදනය පදනම් විරහිත බව හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළා.

2015 වසරේ සිට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම නියෝජනය කළ සියලු මන්ත්‍රීවරුන්ගෙන් මාසිකව රුපියල් 5,000ක මුදලක් පක්ෂ අරමුදල සඳහා වැටුපෙන් අය කර ගත් අතර, එම මුදල කරු ජයසූරිය කතානායක ධුරයේ දිව්රුම් දුන් දින සිට ලබා දී නොමැති බවද කරු ජයසූරිය අගෝස්තු 24 වැනිදා නිවේදනයක් නිකුත් කළත් ඔහු එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයකු බව එහි සඳහන් කර නොමැති බවද සමරසිංහ මන්ත්‍රිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.