මන්ත්‍රිවරුන් සඳහා පාර්ලිමේන්තුවෙන් ලබා දෙන ආහාර වේලට වැයවන මුදල සම්බන්ධව ගණන් හදා රටට කියන්නැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්. එම්. මරික්කාර් පාර්ලිමේන්තුවේදී කථානායකවරයාගෙන් ඉල්ලා තිබෙනවා.
පාර්ලිමේන්තුවෙන් ලබා දෙන ආහාර වේලට වඩා ගෙදරින් දෙන කෑම වේල හොඳ බව ද මන්ත්‍රිවරයා එහිදී කියා සිටියා.
” පාර්ලිමේන්තුවේ තිබූ වැඩමුළුවේදී ප්‍රකාශ කර තිබෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුගේ ආහාර වේලකට රුපියල් 3000 ක් යනවා කියලා. ගිණුම් අංශය එසේ කිව්වා කියලා අද පත්තරවල පළ වෙලා තිබෙනවා. අපි ඇවිත් රත්තරන් ගිලිනවාද කියලා මිනිස්සු අහනවා.
අද මම උදේ ආහාර වේල ගත්තා. මාළු පරණයි. මේ සේවකයෝ ඔක්කොම පාර්ලිමේන්තුවෙන් කනවා. රියැදුරු මහත්වරු කනවා. මේ ඔක්කොම වියදම මන්ත්‍රිවරුන් 225 න් බෙදනවා. මන්ත්‍රිවරු සැප විඳිනවා කියලා ජනතාව හිතනවා. ඒ නිසා රටටම ගණන් හදලා කියන්න මොනවද අපි කන්නේ කියලා? අපේ ගෙදර කෑම වේල මීට වඩා හොඳයි
කථානායක – ඊයේ අවසාන සැසියට ඔබ සහභාගි වුණාද? ඒ අවසන් සැසිවාරයේ මම ප්‍රකාශයක් කළා.
මරික්කාර් මන්ත්‍රීවරය – ඔබතුමා එතැන කියන දේ මාධ්‍යයේ යන්නේ නෑ. ඔතැන ඉඳන් කිව්වොත් ෆේස්බුක් එකේ හරි යයි.