අසනීප වූ ලාංකික සේවකයා සෞදි සමාගමක් පෞද්ගලික ජෙට් යානයකින් යළි මව් රටට එවයි (PHOTOS)

August 21, 2020 at 9:39 PM

මොළයේ ලේ කැටියක් හේතුවෙන් මාස දෙකකට අධික කාලයක් රෝගාතුර වී සිහිසුන්ව සිටි ශ්‍රී ලාංකික ජාතික ඇන්ඩෘ රොහාන් ඊයේ (21) සවුදි අරාබියේ පෞද්ගලික සමාගමක් විසින් ශ්‍රී ලංකාවට ආපසු එවීමට පියවර ගනු ලැබුවා.

කඩවත ප්‍රදේශයේ වෙසෙන රොහාන් අසනීප වන අවස්ථාවේ සෞදි අරාබියේ ගල්ෆ්වෙස්ට් සමාගමේ සේවය කර ඇති අතර පසුව ඔහු රෝහල් ගත කර තිබෙනවා.

රෝගියාගේ පවුලේ සාමාජිකයින් විසින් දිගින් දිගටම සිදුකරන ලද ඉල්ලීම් මත සහ මානුෂීය ආයාචනයක් ලෙස සලකා සෞදි අරාබි සමාගම වෛද්‍යවරුන් සහ හෙදියන් සමඟ පෞද්ගලික ජෙට් යානයකින් රොහාන් ආපසු ශ්‍රී ලංකාවට එවීමට පියවර ගනු ලැබුවා.

ඔහු ඊයේ (20) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණ ඇති අතර ඔහු නිරෝධායනය කිරීම සඳහා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත් කරනු ලැබුවා.

මෙම ශ්‍රී ලාංකික ජාතික සේවකයා යළි මව්රටට එවීම සඳහා ඔහු සේවය කළ සීමාසහිත ගල්ෆ්වෙස්ට් සමාගම විසින් රුපියල් මිලියන 15 කට ආසන්න මුදලක් වැය කර ඇතැයි පැවසේ.

මේ අතර, පවුලේ සාමාජිකයන් newswire.lk වෙබ් අඩවිය වෙත පැවසුවේ රොහාන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු දිගටම ප්‍රතිකාර ලබා ගැනීමට නියමිත බවයි.

රෝගයේ සියලු අංශවලට ප්‍රතිකාර කරන බවට වග බලා ගැනීම සඳහා වෛද්‍ය කණ්ඩායමක් පත් කර ඇත.

සුදුසු ප්‍රතිකාර ලබා දීමෙන් රොහාන් යථා තත්ත්වයට පත්වන අතර නියමිත වේලාවට කතා කිරීමට හා ඇවිදීමට හැකි වනු ඇතැයි වෛද්‍යවරු සහතික වී ඇත.

රොහාන් නැවත මෙරටට ගෙන්වා ගැනීම පිළිබඳව ගල්ෆ් වෙස්ට් සමාගමේ හිමිකරු වන අයිඩ්‍රිස් මුස්තාපා සහ ඔහුගේ කණ්ඩායම වෙත පවුලේ අය සිය කෘතඥතාවය පළ කරනු ලැබුවා.