පාස්කු ඉරිදා බෝම්බ ප්රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කළ අසම්පුර්ණ ලිපිගොනු 18ක් යළි වැඩබලන පොලිස්පතිවරයා වෙත භාරදුන් බව නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරිනි රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය ප්රකාශ කර සිටිනවා.
මිට පෙර මෙවැනි අසම්පුර්ණ ලිපිගොනු 82ක් වැඩබලන පොලිස්පතිවරයාට භාරදීමට පියවර ගෙන තිබු බවත් ඒ අනුව මේ දක්වා පාස්කු ඉරිදා එල්ලවූ බෝම්බ ප්රහාරය සම්බන්ධයෙන් ලැබුණු අසම්පුර්ණ ලිපිගොනු 100ක් එලෙස යවා ඇති බවයි නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරිනිය සඳහන් කළේ.
එලෙස හරවා යැවු අසම්පුර්ණ ලිපි ගොනු වල පරීක්ෂණ නියමාකාරයෙන් සම්පුර්ණ කොට යළි නීතිපති දෙපාර්තමේන්තුව වෙත භාරදීමට කටයුතු යොදන ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත දැනුම් දී තිබෙනවා.