ඉන්දුනීසියාවේ භූකම්පනයෙන් ලංකාවට සුනාමි අවධානමක් නැහැ

August 19, 2020 at 7:30 AM

‪ඉන්දුනීසියාවේ සුමාත්‍රා දුපත් ආසන්නයේ සිදුව ඇති රිච්ටර් මාපකයේ ඒකක 6.8 ක ප්‍රභලත්වයෙන් යුත් භූකම්පනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවධානමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව උපුටා දක්වමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.‬