මිගමුව බන්ධනාගාරයේ රැඳවියන්ට නීතිවිරෝධී අයුරින් සැප පහසුකම් ලබාදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කොට සිටින මිගමුව බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පයෝ ඇතුළු සිව්දෙනා ලබන 31 වෙනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මිගමුව මහේස්ත්රාත් අධිකරණය අද නියෝග කළා.
මිගමුව බන්ධනාගාරයේ රැඳවියන්ට නීතිවිරෝධී අයුරින් සැප පහසුකම් ලබාදීමේ චෝදනාව මත හිටපු බන්ධනාගාර අධිකාරිවරයා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. අනෙක් සැකකරුවන් තිදෙනා අවස්ථා දෙකකදී පොලිසියට භාරවුවා.