දිවයින පුරා පවතින හදිසි විදුලි බිඳ වැටීම හේතුවෙන් කොළඹ නගරයේ ප්‍රදේශ කිහිපයකට ජලය සැපයීම අඩාල වී ඇති බවට වාර්තා වනවා.
කාර්යාල නිමවීමත් සමග කොළඹ නගරයේ මාර්ගවල පිහිටා තිබෙන මාර්ග සංඥා අක්‍රියවීම හේතුවෙන් මාර්ග රැසක දැඩි රථවාහන තදබදයන් පවතින බවයි වාර්තා වන්නේ.
කෙරවළපිටිය ප්‍රදේශයේ පිහිටි ග්‍රීඩ් උප පොළක සිදුවූ හදිසි බිඳ වැටීමත් සමග ජාතික විදුලිබල පද්ධතියේ සිදුව ඇති හදිසි බිඳ වැටීම යළි යථාවත් කිරිමට තවත් කාලය අවශ්‍ය වන බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් ප්‍රකාශ කර සිටින්නේ.
2016 වර්ෂයේදී මේ ආකාරයෙන් දහවල් 2.00 ට පමණ දිවයින පුරා සිදුවූ හදිසි විදුලි බිඳ වැටීම යළි යථාවත් කිරිමට රාත්‍රී 8.00 ට පමණ හැකිවූ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.