පුත්තලම, ආසිරිගම ප්රදේශයේ පදිංචිව සිටි දස හැවිරිදි දැරියක් දුෂණය කර මරා දැමීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු අද අළුයම පුත්තලම මූලස්ථාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු පාලවිය, පෙරියකුලම ප්රදේශයේ පදිංචිව සිටි සිමියොන් ඇලෝසියස් නැමති 41 හැවිරිදි විවාහකයෙකි.
පසුගිය ජුලි 16 දින පුත්තලම, ආසිරිගම ප්රදේශයේ පොල් වත්තක පිහිටි නිවසක තම මව සමග පදිංචිව සිටි දස හැවිරිදි දැරියක් මෙම සැකකරු විසින් බරපතළ ලිංගික අපයෝජනයකට ලක්කර තිබුණි.ඔහු දැරිය ගේ මවගේ අනියම් සැමියාද බව පැවසේ.
පසුව සර්පයෙකු දෂ්ඨ කළේ යැයි පවසමින් ඇයගේ මව විසින් එම දැරිය පුත්තලම මුලික රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, ඒ වන විටත් දැරිය මියගොස් සිටියාය.
සිද්ධියට සම්බන්ධ සැකකරු මාසයකට ආසන්න කාලයක් ප්රදේශයෙන් පළා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් කිපයක් යොදවා තිබුණි.
අදාළ සැකකරු අද අත්අඩංගුවට ගෙන ඇති අතර,
සැකකරු පුත්තලම මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.