යතුරුපැදි ධාවන ශුර ගයාන් සඳරුවන් හා ක්‍රිකට් ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරා ගොවි සංවිධානයක් සමග එක්ව මුල්ලේරියාවේ පුරන් කුඹුරු අක්කර 40ක් අස්වැද්දීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරිම මිට මාස 06 කට පමණ පෙරයි.
කැළෑ එළි පෙහෙළි කොට ඇළවේලි ශුද්ධ පවිත්‍ර කර මෙම කුඹුරු යාය මේ වන විට වී වගාවට සම්පුර්ණයෙන් සුදානම් කොට ඇත. මෙහි වප් මගුල් උළෙල ඉකුත් 29 වෙනිදා පෙරවරුවේ සුබ මොහොතින් ආරම්භ වුයේ කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න, කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් එම්.ඒ.පි. ජයකොඩි ඇතුළු නිලධාරින් රැසකගේ සහභාගිත්වයෙනි.
කාබනික පොහොර පමණක් මෙහිදී භාවිතා කෙරෙන අතර “මාවී” වර්ගය එහි වගා කෙරේ.