නව අමාත්‍ය මණ්ඩලය අද දිවුරුම් දෙනු ලැබුවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී. එහිදී ආරක්ෂක අමාත්‍යාංශය ජනාධිපතිවරයාගේ යටතේ තබා ගනු ලැබුවා.
ආරක්ෂක අමාත්‍යාංශය : ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා
මුදල් , බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු , නාගරික සංවර්ධනය හා නිවාස – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා
අධිකරණ අමාත්‍ය – ජනාධිපති නීතිඥ අලි සබ්රි
විදේශ කටයුතු අමාත්‍ය – දිනේෂ් ගුණවර්ධන
රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය – ජනක බණ්ඩාර තෙන්නකෝන්
අධ්‍යාපනය අමාත්‍ය – ජී.එල්. පිරිස්
සෞඛ්‍ය අමාත්‍ය – පවිත්‍රා දේවි වන්නිආරච්චි
කම්කරු අමාත්‍ය – නිමල් සිරිපාල ද සිල්වා
පරිසර අමාත්‍ය – මහින්ද අමරවීර
වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය – සී.බී. රත්නායක
කෘෂිකර්ම අමාත්‍ය – මහින්දානන්ද අලුත්ගමගේ
වාරිමාර්ග අමාත්‍ය – චමල් රාජපක්ෂ
ඉඩම් අමාත්‍ය – එස්.එම්. චන්ද්‍රසේන
ධිවර අමාත්‍ය – ඩග්ලස් දේවානන්ද
වැවිලි අමාත්‍ය – වෛද්‍ය රමේෂ් පතිරණ
ජල සම්පාදන අමාත්‍ය – වාසුදේව නානායක්කාර
විදුලිබල අමාත්‍ය – ඩලස් අලහප්පෙරුම
බලශක්ති අමාත්‍ය – උදය ගම්මන්පිළ
වරාය හා නාවික අමාත්‍ය – රෝහිත අබේගුණවර්ධන
මහාමාර්ග අමාත්‍ය – ජොන්ස්ටන් ප්‍රනාන්දු
ප්‍රවාහන අමාත්‍ය : ගාමිණි ලොකුගේ
තරුණ හා ක්‍රීඩා අමාත්‍ය – නාමල් රාජපක්ෂ
සංචාරක අමාත්‍ය – ප්‍රසන්න රණතුංග
වෙළෙඳ අමාත්‍ය – බන්දුල ගුණවර්ධන
කර්මාන්ත අමාත්‍ය – විමල් විරවංශ
ජනමාධ්‍ය අමාත්‍ය – කෙහෙළිය රඹුක්වැල්ල