අගෝස්තු 28 සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ ලංකා ප්‍රිමියර් ලීග් (LPL) කල් දමා තිබේ.
නිරෝධායන ක්‍රියාමාර්ග හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රීඩකයින් මෙරටට ගෙන්වා ගැනීම දුෂ්කර බැවින් තරගාවලිය කල් දැමිමට සිදුවූ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා News Wire වෙත ප්‍රකාශ කළේ.
“අපි සෞඛ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡාවක් පැවැත්වූවා. රට තුළට ඇතුළු වන ඕනෑම කෙනෙකුට දින 14 ක නිරෝධායන කාල සීමාව අත්‍යවශ්‍යයි. එබැවින් අගෝස්තු අවසානයේ තරඟාවලිය ක්‍රීඩා කිරීම දුෂ්කරයි.
අයිපීඑල් තරගාවලියෙන් පසු නොවැම්බර් මැද භාගයේදී තරගාවලිය පැවැත්වීමට අප බලාපොරොත්තු වනවා” ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා කියා සිටියා.