සජිත් ගැන තීරණය පසුවට : එජාපයෙන් නෙරපා දැමු පිරිස අතර හිටපු මන්ත්‍රීවරුන් 10ක්

July 29, 2020 at 12:10 PM

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් ඊයේ දිනයේදී සිය පක්ෂයෙන් නෙරපා හරින ලද සාමාජියින් 54 දෙනා අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 09 දෙනෙකු සිටින බව වාර්තා වනවා.

අජිත් පී. පෙරේරා, තුෂාර ඉදුනිල්, සරත් ෆොන්සේකා, රන්ජන් රාමණායක, නලින් බණ්ඩාර, වඩිවේල් සුරේෂ්, සුජීව සේනසිංහ, නිරෝෂන් පාදුක්ක සහ අශෝක් අබේසිංහ එම පිරිස අතර සිටින බව සඳහන්.

ඊයේ රැස්වූ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් සමගි ජනබල වේගය පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස, එස්.එම්.මරික්කාර් සහ අජිත් මාන්නප්පෙරුම සම්බන්ධයෙන් තීරණයක් ගෙන නොමැති බවයි වාර්තා වන්නේ.