අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් ගැන තොරතුරු දැනුම් දෙන්න විද්‍යුත් ලිපින 02ක්

July 28, 2020 at 3:15 PM

විෂ මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධකරුවන් සම්බන්ධයෙන් තොරතුරු ලබාදීම සඳහා පොලිසිය විසින් ඊයේ දිනයේදී හඳුන්වාදුන් විශේෂ දුරකථන අංක දෙකට අමතරව පොලිස් මුලස්ථානය අද තවත් විශේෂ විද්‍යුත් තැපැල් ලිපිනයන් දෙකක්, ෆැක්ස් අංකයක් සහ ලිපිනයක් මහජනතාව වෙත හඳුන්වා දෙනු ලැබුවා.

ඒ අනුව විෂ මත්ද්‍රව්‍ය, සංවිධානාත්මක අපරාධ කල්ලි සහ සාමාජිකයින් සම්බන්ධයෙන් තොරතුරැ ලබා දීමට 1997@police.lk යන විද්‍යුත් තැපැල් ලිපිනයද,

අපරාධ කල්ලි සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වත්කම් සහ මුදල් විශුද්ධකරණ පද්ධතිය යටතේ සිදුකරනු ලබන ක්‍රියාවන් සම්බන්ධයෙන් තොරතුරු ලබාදීම සඳහා 1917@police.lk යන විද්‍යුත් ලිපිනය ද හඳුන්වාදී ඇත.

මිට අමතරව 0112-440440 යන ෆැක්ස් අංකයට සහ පොලිස්පති, පොලිස්පති මාණ්ඩලික නිලධාරි, පොලිස් මුලස්ථානය, කොළඹ යන ලිපිනය ඔස්සේ ලිඛිතව මහජනතාවට තොරතුරු ලබාදිය හැකි බවයි මෙහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කරුණු අනාවරණය කර සිටියේ.