කොවිඩ්-19 වසංගතය හේතුවෙන් පීඩාවට පත්ව විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගන්නා ලෙස රජය වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කොට ඇත. තහනමකට ලක්ව සිටින නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කොට ඇත.
එහි වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි, ආගමන හා විගමන පාලකවරයා නම් කර තිබේ.
පෙත්සම්කාර නාගානන්ද කොඩිතුවක්කු ප්‍රකාශ කියා සිටියේ කොවිඩ්-19 වසංගතය හේතුවෙන් මැද පෙරදිග ඇතුළු විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බවයි. එලෙස පීඩාවට පත්වූ හතළිස් දෙනෙකු පමණ මේ වන විට විදේශවල දී මියගොස් ඇතැයි සඳහන් පෙත්සම්කරු විදේශගත වී සිටින ශ්‍රී ලාංකිකයින්ට නැවත සිය මාතෘ භූමියට පැමිණීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ නීතිමය හිමිකමක් පවතින බව පෙන්වා දී තිබෙනවා.