මග හැරුණු කොවිඩ් රෝගීන් සමාජයෙන් සිටිය හැකි බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

July 27, 2020 at 9:21 AM

ඕනෑම අවස්ථාවක සමාජයෙන් කොවිඩ් 19 ආසාදිතයන් හමුවීමේ ඉඩකඩ පවතින බැවින් සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් අඛණ්ඩව අනුගමනය කළ යුතු බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

එහි ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කළේ දැනට වාර්තා වන ආසාදිතයන් සියලුදෙනා නිරෝධායනයට ලක්ව සිටින අය අතරින් හඳුනාගෙන ඇති බවත් යම් හෙයකින් සෞඛ්‍ය අංශ වලට මග හැරුණු ආසාදිතයින් සමාජය තුළ සිටිය හැකි බැවින් ජනතාව ඒ සම්බන්ධයෙන් අවධානයෙන් සිටිය යුතු බවයි.

පැවති මාධ්‍ය හමුවකදී වෛද්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.

සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයක්ම ආවරණය වන පරිදි ජන අනුපාතයට අනුව තෝරාගත් කණ්ඩායම් පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කිරීමේ වැඩපිළිවෙලක් සකස් කර ඇති බව ද වෛද්‍යවරයා සඳහන් කර සිටියා.