කුරුණෑගල ඇතිවු සිද්ධියට, 2 වන බුවනෙකබාහු රජතුමාගේ රාජ සභා මණ්ඩපය ලෙස හුවා දක්වමින් ඇතමුන් දේශපාලන වාසි ලබාගැනීමට උත්සාහ දරන බව වයඹ පළාත් ප්‍රධාන අධිකරණ සංඝනායක අතිපුජ්‍ය රැකව ජිනරතන හිමියන් පවසනවා.
උන් වහන්සේ මේ අදහස් පළ කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් ඊයේ ජනාධිපති කාර්යාලයේ පැවති ජනාධිපති බෞද්ධ උපදේශක සභාවේ සිව්වන සභාවාරයේ දීයි.
නගර සභාවෙන් බදු ගත් පුද්ගලයාගේ පුත්‍රයාගේ නම යොදා ගනිමින් බුවනෙක හෝටලය ලෙස පවත්වාගෙන ගොස් ඇති බවත් එම නම භාවිතා කරමින් බුවනෙකබාහු රාජ සභා මණ්ඩපය ලෙස හුවා දැක්වීමට ඇතැම් පිරිස් උත්සාහ දැරීම කණගාටුදායක තත්ත්වයක් බවද උන් වහන්සේ පෙන්වා දුන්නා
වයඹ පළාත් ප්‍රධාන අධිකරණ සංඝනායක අතිපුජ්‍ය රැකව ජිනරතන හිමියන් දැක්වු අදහස් පහතින්.