හෝමාගම පොලිස් අධිකාරි කාර්යාලයේ සේවය කරනු ලබන කාන්තා පොලිස් නිලධාරිනියකට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව එම ප්‍රදේශයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රියන්ත විජේසුරිය ප්‍රකාශ කර සිටිනවා.
මෙම නිලධාරිනියට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග හෝමාගම පොලිස් අධිකාරී කාර්යාලයේ රාජකාරි කරන නිලධාරීන් 30 දෙනෙකුට පමණ ස්වයං නිරෝධනයට ලක් වන ලෙස දැනුම් දී තිබෙන බවයි හෝමාගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේ.
මෙම පොලිස් නිලධාරිනියගේ පුත්‍රයා කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරනු ලබන අතර ඔහු නිවාඩු ලබා නිවසට පැමිණ සිටියදී කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.
ඒ අනුව මෙම නිලධාරිනිය ඇතුළු නිවැසියන් නිරෝධායනයට යොමු කොට සිටියදී සිදුකළ PCR පරීක්ෂණ වලදී ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හෙළිව තිබෙනවා.
සිය පුත්‍රයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වීමත් සමග එම නිලධාරිනිය නිවසින් පිටතට නොගොස් සිට ඇති බවත් මේ හේතුවෙන් භාහිර සමාජයට ඇය නිරාවරණය වීමේ අවස්ථාව අවම වීමට හේතුවී ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.