සර්පයෙකු දෂ්ඨ කළබව පවසමින් රෝහල් ගතකිරීමේදී මියගිය දස හැවිරිදි දැරිය අපයෝජනයට ලක්ව ඇති බව හෙළිවී තිබේ.
එම දැරිය තාවකාලිකව පදිංචිව සිටි පුත්තලම – කුරුණෑගල මාර්ගයේ 03 කණුව, ප්‍රදේශයේ පොල් වත්තක පිහිටි නිවසේ අද මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකර ඇත.
තම මව සහ සුළු පියා සමග දැරිය මෙම තාවකාලික නිවසේ පදිංචි ව සිටි ඇති අතර, දැරියට සර්පයෙකු දෂ්ඨ කළේ යැයි පවසමින් ඇයගේ මව, එම දැරිය ඊයේ (16) උදෑසන පුත්තලම මුලික රෝහල වෙත ඇතුළත් කර තිබේ.
ඒ වන විටත් දැරිය මියගොස් සිටි බව පොලීසිය පැවසීය.
මරණය සම්බන්ධයෙන් පුත්තලම රෝහල විසින් පොලීසියට දැන්වීමෙන් අනතුරු ව විමර්ශනයක් ආරම්භ කෙරිණි
තමා අසළ නිවසකට ගිය අවස්ථාවක දී අනියම් සැමියා විසින් බරපතළ ලෙස දැරිය අපයෝජනයට ලක්කර ඇති බව මව විසින් පොලීසියට පවසා තිබේ.
ඒ බව පොලීසියට නොදන්වන ලෙසට අනියම් සැමියා විසින් තමාට මරණ තර්ජනය කළ බවත්, දැරිය රෝහලට රැගෙන යෑමට ත්‍රීරෝද රථයක් ගෙන එන බව පවසා ගිය ඔහු නැවත නොපැමිණි බවත් මව පොලීසියට පවසා තිබේ.
අදාළ සැකකරු මේ වන විට ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවත් අනාවරණය වී ඇත.