අභාවප්‍රාප්ත රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුවේ එක් සැකකරුවෙකු වන හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී මහාචාර්ය ආනන්ද සමරසේකර මියගොස් ඇති බවත් තවත් සැකකරුවෙකු වන බස්නාහිර පළාත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක දැඩි ලෙස රෝගාතුර වී ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව අද අධිකරණයට දන්වා සිටියා.
කොළඹ හිටපු අධිකරණ වෛද්‍ය ප්‍රධානී මහාචාර්ය ආනන්ද සමරසේකර සහ හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනනායක හට වසීම් තාජුඩීන් නඩුවේ සාක්ෂි සැඟවීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ.
2011 දී රිය අනතුරකින් තාජුඩීන් මියගොස් තිබු අතර එය මුලින් හදිසි අනතුරක් ලෙස ප්‍රකාශයට පත් වූ නමුත් මේ වන විට එය මිනීමැරුමක් ලෙස විමර්ශනය කෙරෙමින් පවතියි.