මහ මාර්ගවල අයිනේ සහ පදික වේදිකාවල නතර කරනු ලබන වාහන සහ යතුරුපැදි සම්බන්ධයෙන් හෙට සිට නීතිමය පියවර ගන්නා බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.
මාර්ගයේ අනවසර ස්ථාන වල සහ පදික වේදිකාවන් මත වාහන හෝ යතුරුපැදි නතර කිරීම නොකරන ලෙසයි නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙහිදී සඳහන් කර සිටියේ.
නියෝගය නොතකා සිදුවන එවැනි වාහන හෝ යතුරුපැදි ගාල් කරනු ලබන පුද්ගලයින්ගේ වාහන පොලිසියට රැගෙන ඒමට පියවර ගන්නා බවත් එලෙස රැගෙන ඒමට යන වියදම ද අදාළ වාහන හිමියන්ගෙන් අයකර ගන්නා බවයි ඔහු සඳහන් කළේ.