කන්දකාඩු පොකුරෙන් කොරෝනා වැළදුණු රෝගීන් 04ක් සමාජයෙන් වාර්තා වෙයි

July 14, 2020 at 8:34 PM

අද දිනයේ මේ වනවිට වාර්තා වන කොරෝනා ආසාදිත රෝගීන් ගණන 15ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ නිවේදනය කර සිටිනවා.

කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානය ආසාධිතයන්ගේ ආශ්‍රිතයන් 4 දෙනෙකු හා සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් 4 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානය ආසාධිතයන්ගේ ආශ්‍රිතයන් ගේ ස්පර්ශකයින් බවට හඳුනා ගෙන ඇති කුණ්ඩසාලේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු, රාජාංගනය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් සහ ලංකාපුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට ද වෛරසය ආසාදනය වී තිබෙන බවට තහවුරු වී ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.

මිට අමතරව ඕමානයේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනයට ලක් වෙමින් සිටි පුද්ගලයින් තිදෙනෙකුටද වෛරසය ආසාදනය වී ඇත.