මහනුවර ශික්ෂණ රෝහලේ හෙද කාර්ය මණ්ඩලය අද විරෝධතාවක නිරත විය.
COVID-19 වසංගතය අතරතුර අතිකාල දීමනා සහ වැටුප් සහිත නිවාඩු අවලංගු කිරීමට එරෙහිව මෙම විරෝධතාවය පවත්වනු ලැබුවා.
විරෝධතා දැක්වූ හෙදියක් පැවසුවේ හෙද කාර්ය මණ්ඩලය මේ සම්බන්ධයෙන් රජයේ සහය ඉල්ලා ඇති නමුත් මේ පිළිබඳව විමසීමට තවමත් කිසිදු නිලධාරියෙකු පෙනී නොසිටි බවයි.