පිටිපන අවි ගබඩා සිද්ධියට අදාල තවත් දෙකක් සහ පතොරම් 750ක් සමග පොලිස් නිලධාරියෙකු ගේ නිවසකින් සොයාගනී.

July 11, 2020 at 3:15 PM

පිටිපන ප්‍රදේශයේ පසුගියදා හමුවූ අවි තොගයට ම අදාල තවත් T 56 ගිනි අවිදෙකක් අද හමුවී තිබේ. ඒ සී අයි ඩී නිලධාරීන් කළ වැටලීමකදීය.

පිටිපන ප්‍රදේශයේ පිහිටි නිවසකින් මේවා හමුවී ඇති අතර, එම නිවස පොලිස් කොස්තාපල් රියදුරෙකුගේ බව තහවුරු වී ඇත.

මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත් අඩංගුවට ගත් පොලිස් කොස්තාපල් රියදුරුගේ ප්‍රකාශයක් මත T 56 ගිනි අවි සඳහා භාවිතා කරන පතරොම් 750 ක්‌ සොයා ගෙන ඇති අතර එම සැකකරු ත්‍රස්තවාදය වැළක්වීමේ තාවකාලික විධි විධාන පනත යටතේ තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කටයුතු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියි.