අනුරාධපුරය, රාජාංගනය ප්‍රදේශයෙන් නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයන් 4ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.
මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්තේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආසාදියන්ගේ ආශ්‍රිතයන් බවයි වාර්තා වන්නේ. ඒ අනුව අද දිනයේ කොරෝනා ආසාදිතයින් 14 දෙනෙකු වාර්තා වී ඇත.
මෙරටින් මේ වන විට වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2468ක් වන අතර ඉන් 1980ක් සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇත. මේ වන විට ප්‍රතිකාර ලබන පිරිස 477ක් වේ.