පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ සිට ස්ථාන මාරුවීම් ලැබ සිටින පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මාධ්‍යවේදියෙකුගේ රාජකාරියට බාධා කිරීමේ සිදුවීමක් කොළඹ මහාධිකරණයේදී වාර්තා වනවා.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ සේවය කරමින් සිටි සමයේදී ඔහු විසින් සිදුකරන ලද වැටලීමකට අදාළ නඩුවක් වෙනුවෙන් පෙනී සිටීමට අධිකරණය වෙත එමින් සිටි පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජිවගේ ජායාරුයක් ගැනීමට උත්සහ කළ මාධ්‍යව්දියෙකු ඔහු විසින් රැගෙන ගොස් මහාධිකරණයේ පිහිටි පොලිස් මුරපොල වෙත භාරදී ඇත.
වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් ඝාතනය සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව ඔහුට එරෙහිව කොළඹ මහාධිකරණයේ නඩුවක් ද විභාග වෙමින් පවතිනවා. එම නඩුව අද සවස කොළඹ මහාධිකරණයේදී කැඳවීමට නියමිතව ඇත.
එම සිද්ධිය සම්බන්ධයෙන් වැඩතහනමකට ලක්ව ඔහු පසුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයෙන් මාරුකොට සේවයේ යලි පිහිටුවනු ලැබුවා.
මහාධිකරණ පරිශ්‍රයේදී ඡායාරූප මාධ්‍යවේදියෙකුට බාධා
🔺 News Alert: මහාධිකරණ පරිශ්‍රයේදී ඡායාරූප මාධ්‍යවේදියෙකුට පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීවගෙන් බාධා#Niyomalrangajeewa #akilajayawardana#lka #News1st
Posted by Newsfirst.lk on Thursday, 9 July 2020