වැලිකඩ බන්ධනාගාරයෙන් තවත් කොරෝනා ආසාදිතයෙක්

July 10, 2020 at 9:08 PM

කොළඹ වැලිකඩ බන්ධනාගාරයේ සිටි තවත් රැඳවියෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අද (10) තහවුරු වී තිබෙනවා. එම රැඳවියා ගේ PCR පරීක්ෂණය පසුගිය 08 වෙනිදා සිදුකොට ඇති අතර පසුව ඔහුව බන්ධනාගාර රෝහලට ඇතුලත් කොට තිබෙනවා.

අද දිනයේදී ඔහුගේ PCR පරීක්ෂණ වාර්තා ලැබී ඇති අතර එහිදී ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙන බවයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේ. එම අවස්ථාව වන විට ඔහුව බන්ධනාගාර රෝහලට ඇතුලත් කොට සිට තිබෙනවා.