කොරෝනා වසංගත තත්ත්වය පාලනය කිරිමට වර්තමානයේ ගෙන ඇති පියවරයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය දැඩි අවධානයක් යොමු කර සිටින බව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිනවා.
රෝග ව්‍යාප්තිය පාලනය සඳහා අත්‍යාවශ්‍ය ක්‍රියාමාර්ග නියමිත පරිදි ක්‍රියාත්මක නොවීම හේතුවෙන් කොවිඩ් 19 වසංගතය ප්‍රජාව තුල පැතිර යාමේ දැඩි අවධානමක් මේ වන විට පවතින බවයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සඳහන් කරන්නේ.
රට නැවතත් පුර්ව කොවිඩ් 19 යුගයේ හැසිරීම රටා වලට ආපසු ගමන් කරමින් පවතින බව නිරීක්ෂණය වන බවත් රට නැවතත් සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමේ දැවැන්ත උත්සහය විශාල වශයෙන් අසාර්ථක වනු දැකීම කණගාටුවට කරුණක් බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.