තවත් කොරෝනා ආසාදිතයින් 196ක් වාර්තා වෙයි

July 10, 2020 at 9:25 AM

කන්දකාඩු මත්ද්‍රව්‍යය පුනුරුත්ථාපන මධ්‍යස්ථානයෙන් තවත් කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 196 දෙනෙකු හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඊයේ දිනයේදී හඳුනා ගත් රෝගීන් 56 දෙනා සමග මේ වන විට එම ස්ථානයෙන් හඳුනා ගෙන ඇති මුළු රෝගීන් සංඛ්‍යාව 252ක්.

එම ස්ථානයේ සිටින රැඳවියන් සහ කාර්ය මණ්ඩලයේ සිදුකළ PCR පරීක්ෂණ වලින් මේ වන විට ලැබී ඇති පරීක්ෂණ වාර්තා 338 කගේ ප්‍රථිපල අනුව මෙම රෝගීන් 252 වාර්තා වී ඇති බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළේ. පවතින තත්ත්වය මත එම ස්ථානයෙන් තවත් කොරෝනා ආසාදිතයින් හමුවීමේ ප්‍රවනතාවයක් පවතියි.

අදාළ කාලය තුලදී කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානය තුලින් පුනුරුත්ථාපනයට ලක් කොට පිටත්කර හරිනු ලැබූ රැඳවියන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයින් හඳුනා ගනිමින් ඔවුන්ව PCR පරීක්ෂණ වලට ලක් කිරීමට සහ නිරෝධායනයට ලක් කිරීමට අවශ්‍ය වැඩකටයුතු මේ වන විටත් ක්‍රියාත්මක කොට පවතින බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.