කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කර සිටිනවා. ඊයේ පස්වරුවේ (07) පාසැල් සිසු දරුවන් ප්‍රවාහණය කෙරෙන වාහන සංගම් හා ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරින් සමග අමාත්‍යවරයා මේ සම්බන්ධව දීර්ඝ ලෙස සාකච්ඡා කරනු ලැබුවා.
දැනට අප රටේ මාර්ගවල දී පාසැල් සිසු දරුවන් ගමන් කරන වෑන් රථ සඳහා කිසිදුප්‍රමුඛතාවයක් ලබා නොදෙන බවත් ඇතැම් බර වාහන පාසැල් සිසු දරුවන් ගමන් ගන්නා වාහන අසලින්ම ධාවනය කිරීම නිසා ඇතැම් කුඩා දරුවන් බියපත් වනවා මෙන්ම ඇතැම් විට හදිසි අනතුරුවලට පවා ලක් වෙන බව ඇමතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.
මාර්ග තුළ විනය පවත්වාගෙන යාම සඳහා මෙම කාරණය හේතුවන අතර පාසැල් සිසුන් ප්‍රවාහණය කරන වෑන් රථ කහ වර්ණ ගැන්වීමේ දී දැනට භාවිතා කරන වෙනත් වර්ණයන්ගෙන් යුත් වෑන් රථ කහ වර්ණය ආලේප කිරීමටත්, ඉදිරියේ දී පාැසල් සිසු දරුවන් ප්‍රවාහණයට ආනයනය කෙරෙන වාහන කහ වර්ණයෙන්ම පමණක් ආනයනය කිරීමටත් තීරණය කර ඇතැයි අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියේ.