අපයෝජනයට ලක්වූ 17 හැවිරිදි සිසුවිය ජිවිතක්ෂයට

July 8, 2020 at 11:01 PM

බලංගොඩ, රාවනාකන්ද, වලගොඩ පදිංචිව සිටි 17 හැවිරිදි පාසල් සිසුවියක් බරපතළ අපයෝජනයට ලක්කර තිබියදී බලංගොඩ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයයට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා. පොලීසිය පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට 24 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මෙම සිසුවිය උසස් පෙළ සඳහා නව පාසලකට ඇතුළත්වීමට නියමිතව සිටි බැවින් නිල ඇඳුම් ලබා ගැනීම සඳහා පසුගිය 05 වැනි දා පස්වරුවේ ඇඳුම් මහන ස්ථානයක් වෙත ‍ගොස් තිබෙනවා. නමුත් ඇය ආපසු නොපැමිණි නිසා සිද්ධිය පොලීසියට ද පැමිණිලි කර ඇති ඥාතීන් පෙරේදා පස්වරුවේ තරුණායාගේ නිවසේ සිටියදී සිසුවිය සොයාගෙන ඇත.

පසුව සිසුවිය රෝහල්ගත කර ඇති අතර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මියගොස් තිබෙන අතර මූලික පරීක්ෂණ අද සිදු කළ අතර මරණ පරීක්ෂණයෙන් පසුව විවෘත තීන්දුවක් ලබාදී සිරුර ඥාතීන්ට භාරදී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පින්නවල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.