නව කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් වසා දැමුණු රජයේ පාසල්වල අධ්‍යයන කටයුතු අද (06) ආරම්භ වනවා. ඒ අනුව, සිසුන් පාසල් වෙත කැඳවන පළමු අදියර වන මෙම අදියරයේදී අධ්‍යයන කටයුතු ආරම්භ කෙරෙන්නේ 5, 11 සහ 13 ශ්‍රේණිවල සිසුන් සඳහායි.
සංශෝධිත කාල සටහන් යටතේ පාසල්වල අධ්‍යයන කටයුතු සිදු කිරීමටයි අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර ඇත්තේ. ඒ අනුව 13 සහ 11 ශ්‍රේණිවල සිසුන්ට පෙරවරු 7.30 සිට පස්වරු 3.30 දක්වාත්, 5 ශ්‍රේණියේ සිසුන් සඳහා පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වාත් පාසල් අධ්‍යයන කටයුතු පැවැත්වීමට නියමිතයි.
පස්වරු 03.30 දක්වා අධ්‍යයන කටයුතු සිදු කෙරෙන 11 සහ 13 ශ්‍රේණිවල සිසුන්ට සුදුසු පරිදි විවේක කාල 02 ක් ලබා දීමට විදුහල්පතිවරුන් වෙත උපදෙස් ලබා දී ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.