ඇඳිරි නීතිය පනවා තිබූ මාස කිහිපය තුළ වැඩි වී ඇති විදුලි ගාස්තුව සම්බන්ධයෙන් ස්හනයක් ලබා දීමට රජය තීරණය කර තිබේ.
අදාළ සහනය ලබාදිය යුතු ආකාරය පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා අද (02) දිනයේ කමිටුවක් පත් කිරීමට නියමිතය.
මාර්තු, අප්‍රේල් සහ මැයි යන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ මාසවල විදුලි බිල්පත් ගාස්තු විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවට පාරිභෝගිකයින් විසින් පැමිණිලි ඉදිරිපත් කර තිබේ.
ඒ සම්බන්ධයෙන් ඊයේ (01) රැස්වූ කැබිනට් මණ්ඩලය දැනුවත් කළ අතර ඒ පිළිබඳව අවධානය යොමු කළ ජනාධිපතිවරයා අදාළ කාල සීමාව වෙනුවෙන් විදුලි පාරිභෝගිකයින්ට සහනයක් ලබා දීමට පියවර ගන්නා ලෙස උපදෙස් ලබා දී තිබේ.